Tuesday, January 13, 2015

දිව්‍ය පූජා යාගයට එක්වීමට ගාලූ මුවදොර පිටියට ජන ගඟක්

දිව්‍ය පූජා යාගයට එක්වීමට ගාලූ මුවදොර පිටියට ජන ගඟක්.
WEDNESDAY, 14 JANUARY 2015 - 7:43 

දිවයිනට සැපත් වූ අතිඋතුම් ෆ‍්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප්වහන්සේ අද (14) උදෑසන 8.30ට කොළඹ ගාලූමුවදොර පිටියේදී පවත්වන දිව්‍ය පූජා යාගය සදහා මේ වන විට සියලූ කටයුතු සූදානම් කර අවසන්. දිව්‍ය පූජා යාගය සදහා සහභාගිවීමට අතිවිශාල බැතිමතුන් පිරිසක් මේ වන විටත් ගාලූමුවදොර පිටිය වෙත පැමිණ ඇති අයුරු දැක ගන්නට ලැබෙනවා.

ශ‍්‍රී ලංකා කතෝලික සභාව ප‍්‍රකාශ කළේ පෙරවරු 7 යි 30 පමණ පාප්වහන්සේ ගාලූ මුවදොර පිටියට ළඟාවනු ඇති බවයි. අනතුරුව විවෘත රථයකින් ගමන් කරන උන්වහන්සේ බැතිමතුන්ට ආශිර්වාද කරනු ඇති. ඉන් පසුවයි ප‍්‍රධාන දිව්‍ය පූජා යාගය ආරම්භ වන්නේ.  ඊට සහභාගි වන බැතිමතුන්ට ඊයේ පස්වරු 5 සිට ගාලූමුවෙදාර පිටියට ඇතුළු වීමට අවසර ලබාදී තිබුණා.

මෙහිදී සිදුවන සුවිශේෂීම කරුණ වන්නේ ජුසේවාස් මුනිඳුන් ශුද්ධවරයට එසවීමයි. ජුසේවාස් පියතුමන්, 17 වන සියවසේදී ගෝවේ හැදී වැඞී මෙරටට පැමිණි දේවගැතිවරයෙක්. මේ හේතුවෙන් ඉන්දියාවේ සිටද බැතිමතුන් පිරිසක් මෙම දිව්‍ය පූජා යාගයට එක්වී සිටිනවා.

ඊයේ පස්වරුවේ සිටම මෙම දිව්‍ය පූජා යාගයට සහභාගිවීම සඳහා අති විශාල බැතිමතුන් පිරිසක් ගාලූ මුවදොර පිටියට පැමිණෙමින් සිටිනවා.

ගාලූමුවෙදාර පිටියේ පැවැත්වෙන දිව්‍ය පූජා යාගයෙන් අනතුරුව අතිඋතුම් ෆ‍්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප්වහන්සේ මඩු දේවාස්ථානය බලා පිටත්ව යනු ඇති. කතෝලික සභාව ප‍්‍රකාශ කළේ පස්වරු 3.15 ට පමණ උන්වහන්සේ මන්නාරමට ළඟාවීමට අපේක්ෂා කරන බවයි. මඩු දේවස්ථානයේදී උන්වහන්සේ දිව්‍ය සත්ප‍්‍රසාද දානයකටද සහභාගි වන අතර විශේෂ දේශනයක් ද සිදු කිරීමට නියමිතයි.

මේ වනවිටත් පාප්වහන්සේ දැක ආශිර්වාද ලබාගැනීම සඳහා විශාල බැතිමතුන් පිරිසක් ඊයේ දිනයේ සිටම මඩු දේවස්ථානය වෙත පැමිණෙමින්  සිටින බව අප වාර්තාකරුවන් ප‍්‍රකාශ කළා.









No comments:

Post a Comment